Pemathi Hadin

පෙමැති හදින්

Spread the Good news!

Listen count (statistic)

2 users have listened to this hymn this month (April 2025)

Lyrics

පෙමැති හදින් මට පෙම් පාලා
ඔබ‍‍ෙ සෙනෙහස මට පෙන්වාලා
ඔබ‍ෙ පුතු වෙත මා ගෙන යන මව්නි
නමෝ නමෝ මව්නී //

නිරා දූතයන් පරදා සිටිනට
බැගෑ හදින් දෙව් සරණ පතන්නට //
දුබල වු මාගේ සවිය ඔබයි මව්නි
මා හද නිවසට වඩින්න දෙව් මව්නි

පෙමැති හදින්....

කොයි දේ කීවත් ඔබ පුතු කරනට
අවනත හදකින් එය ඉටු කරනට //
දුබල වු මාගේ සවිය ඔබයි මව්නි
මා හද නිවසට වඩින්න දෙව් මව්නි

පාපයේ අඳුරට ඇදී නොයන්නට
පිබිදී දහමෙන් සුදුවර වන්නට//
දුබල වු මාගේ සවිය ඔබයි මව්නි
මා හද නිවසට වඩින්න දෙව් මව්නි

පෙමැති හදින්.... //

Queue is empty
-- / --